Year and Month | 07-Feb-2017 |
Number of Days | One |
Crew | 03 |
Accommodation | N/A |
Transport | Motor Bicycles |
Activities | Hiking, Nature Exploring, Photography, Fishing |
Weather | Good |
Route | Colombo -> Kandy -> Medamahanuwara -> Rajagala -> Wewathenna Camp Site |
Tips, Notes and Special remark |
|
Related Resources | None |
Author | Ranshan Fernando |
Comments | Discuss this trip report, provide feedback or make suggestions at Lakdasun Forum on the thread
|
වැවතැන්න – Wewathanna
කඳුවලින් වටවුණු උස් තැනිතලා ප්‍රදේශයක් එක්ක ආසන්නයේම තියෙන වැවක්. සීතල විඳින්න පුළුවන් පරිසරයක් එක්ක මීදුමෙන් වැසී යන ලස්සන කඳවුරු භූමියක්. ඔව් ඒ තමයි වැවතැන්න කඳවුරු භූමිය. නුවර ඉඳන් පොඩි වෙලාවකින් ළඟාවෙලා දවස ගත කරන්න එහෙමත් නැතිනම් සති අන්තයක ගෙදර පිරිසත් එක්ක එහෙමත් නැත්නම් යහළු යෙහෙළියන් එක්ක කඳවුරු රාත්‍රියක් ගතකරන්න කියාපු තැනක් වැවතැන්න.
වැවතැන්න කියන්නේ කඳවුරු බඳින්නම හදපු ලස්සන භූමියක්. වතුර වැසිකිළි පහසුකම් ගැන වධවෙන්න දෙයක් නෑ. සියලු පහසුකම් මේ ස්ථානයේ තියෙනවා. මෝටර් බයිසිකල් සහ ත්‍රිරෝද රථ පහසුවෙන් ළඟාවෙන්න පුළුවන් වගේම කාර් එකක් වෑන් එකක් වුණත් කල්පනාකාරීව මේ තැනටම අරන් එන්න පුළුවන්. වඩාත් සුදුසු 4ං4 වාහනයක් තමයි. මාර්ගයේ 70%ක් හොඳට තිබ්බත් අන්තිම හරිය සෑහෙන්න අබලන් නිසා ගොඩක් පාත වාහන ගේනකොට කල්පනාවෙන්.
එකවර 100කට වුණත් කඳවුරු බඳින්න වැවතැන්න හොඳටම ප්‍රමාණවත්. පෝය දවසක පුළුවන් නම් රැයක් ගතකරන්න උත්සාහයක් ගන්න. වැවතැන්නට හඳ පායනකොට ගොඩක්ම ලස්සනයි. මුළු කඳවුරු භූමියම මීදුමෙන් වැහිලා යන්න විනාඩි කීපයක් හොඳටම ඇති. ඒ වගේම නුවරඑළියේ තරම්ම සීතලක් බොහෝ දුරට ඊටත් වැඩි සීතලක් මේ වැවතැන්නේ විඳින්න පුළුවන්.
පොදු ප්‍රවාහන සේවයේ වැවතැන්න යනවා නම් මුලින්ම නුවරට ගිහින් නුවරින් අම්පාර උඩුදුම්බර, මහියංගණය වගේ ඕනෑම බස් එකක නැඟලා මැදමහනුවරට එන්න ඕනෑ. එතැන ඉඳන් කඳවුරු භූමියට කිලෝමීටර් 5.5ක් වගේ දුරක් තියෙනවා. ත්‍රිරෝද රථයක යනවා නම් රුපියල් 800ත්, 1000ත් අතර මුදලක් එක වාරයකට ගන්නවා. මාර්ගයේ අබලන් තත්ත්වය නිසා තමයි ගාන පොඞ්ඩක් වැඩි.
කඳවුරු භූමියට ඇතුළුවෙන්න ටිකට්පත් ලබාගන්න ඕනෑ. ඒ සඳහා රුපියල් 1500ක මුදලක් වැයවෙනවා. එක ටිකට් එකකින් 8 දෙනකුට කඳවුරු බඳින්න පුළුවන්. සීතලත් එක්ක පොඞ්ඩක් සාමාන්‍ය ජීවන රටාවෙන් මිදිලා නියම කඳවුරු අත්දැකීමක් ලබන්න සුදුසුම තැනක් වැවතැන්න. යන්න ගිහින්ම බලන්න. (Article by Internet)
![]() Wewathanna on Satellite Map |
![]() Wewathanna Marked on Metric Map, note the star marked near by mountains |
![]() On the way |
![]() On the way |
![]() On the way |
![]() On the way |
![]() Reached to Wewathanna |
![]() Its beautiful |
![]() Nature |
![]() Like a Plain |
![]() Victoria |
![]() Cloudy Sky |
![]() Pano |
![]() Our summits |
![]() Pines Trees |
![]() The water |
![]() Wewathanna Lake |
![]() Its a great place |
![]() Near by summits |
![]() More views |
![]() Return Journey |
![]() Resting places |
![]() Good Bye to Wewathanna |
ඇතෙකුගේ උදව්වෙන් ගෙන ආ බෝමුරේ රාජසිංහ ස්මාරකය
ලංකා රාජවංශයට තිත තැබෙමින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඉංග්‍රීසීන් අතට පත් වූ ස්ථානයේ ස්මාරකයක් පිහිටුවා මෙම දෙසැම්බර් මාසයට වසර 110 ක් සපිරේ. වසර 110 කට පෙර ස්මාරකය පිහිටුවීම සම්බන්ධ කථාව මේ වනවිට සම්පූර්ණයෙන් යටපත් වී පවතී. එම ස්මාරකය පිහිටුවීම සම්බන්ධ තොරතුරු දන්නා අය අද ඇත්තේ ඉතාම සුලු පිරිසක් පමණි. ඇතැම් තොරතුරු දන්නේ අතේ ඇඟිලි ගණනටත් අඩු පිරිසක් පමණි.
1815 පෙබරවාරි 18 වැනිදා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඉංග්‍රීසීන් අතට පත් වන්නේ බෝමුරේ උඩුපිටිය ප්‍රදේශයේ පිහිටා තිබූ ගම්මුලාදෑනිවරයාගේ නිවසේ සැඟවී සිටියදීය. අත්අඩංගුවට ගත් දිනයේ හදවත් බියෙන් ගැහෙමින් මර බියේ සිටි පිරිසක්ද සිටියහ. ඒ බෝමුරේ හා ගල්ලැහැවත්තේ ගම්වැසියන්ය. ඔවුන් එදා කැලෑවල් හා වෙනත් තැන්වල සැඟවෙමින් කල් ගතකර ඇත්තේ කුමකින් කුමක් සිදු වේදෝයි යන සැකයෙනි.
රජතුමා අසුවී වසර 92 ක් ගතවූ 1907 වර්ෂයේදී රජතුමා සැඟවී සිටි නිවස තිබූ ස්ථානය ගැන තොරතුරු දැන ගැනීමේ අවශ්‍යතාවයක් ඉංග්‍රීසි නිලධාරියෙකුට ඇතිවී තිබේ. ඒ වනවිට රජතුමා සැඟවී සිටි නිවස දැනගත්තවුන්ගෙන් අසා තොරතුරු දැනගෙන සිටි කීප දෙනෙක් බෝමුරේ ගමේ සිට ඇත. ඒ අයගෙන් ඉංග්‍රීසි නිලධාරිවරයාට තොරතුරු ලබා ගැන්මට හැකිවී තිබේ.
තොරතුරු ලබා දී ඇති පුද්ගලයකු වන්නේ හිග්ගහපිටියේ ගෙදර අප්පුවා නැමැත්තාය. පිදුරු සෙවිළි කළ වහළක් සහිත නිවස වළව්වක ස්වරූපය ගත් බවත් නිවස ඇතුළේ අටුවක් තිබූ බවත් ඔහු ප්‍රකාශ කර තිබෙයි.
රජතුමා අසුවන මොහොතේ තිබූ සියඹලා ගසක් පොල් ගස් දෙකක්ද එලෙසම තිබී ඇත. ඉදිරිපසින් උඩුපිටියේ ඇළ ගලා යමින් තිබූ අතර හාත්පස දක්නට ලැබී ඇත්තේ කුඹුරු යායවල්ය.
රජතුමා සැඟවී සිටි නිවස තිබූ බිමට අයිතිවාසිකම් කියන පිරිසක්ද සිට ඇත. ඔවුන් නම් රජතුමාට ආරක්ෂාව සපයමින් කෑම බීම ලබා දෙමින් රජතුමා රැක බලාගත් උඩුපිටියේ අප්පුරාළ මුලාදෑනිවරයාගේ දියණියකගේ මුනුපුරකු වන කෝරාළවරයා හා ඔහුගේ පවුලේ උදවියය 1908 දී කෝරාළවරයා හා ඔහුගේ පවුලේ උදවිය බිමට අයිතිවාසිකම් කිව්වත් ඉංග්‍රීසීන් ඒ ඉඩම රජයට පවරා ගන්නට තීරණය කර තිබේ.
රජතුමා අල්ලාගත් ස්ථානය සම්බන්ධ සියලු සොයා බැලීම් කර ඇත්තේ මහනුවර මහ දිසාපතිවරයා වශයෙන් ක්‍රියා කළ ජෝන් හෙන්රි ලුවිස් මහතාය. ජෝන් ලුවිස් ඉතිහාසගත වැදගත් ස්ථාන ගැන සොයා බලන්නටත් ඒවා පිළිබඳ තොරතුරු එක් රැස් කරන්නටත් එම ස්ථාන සංරක්ෂණය කරන්නටත් උනන්දු වූ කෙනෙකි.
රජතුමා අල්ලාගත් බෝමුරේ උඩුපිටියේ නිවස තිබූ ස්ථානයේ ස්මාරකයක් ස්ථාපිත කරන්නට ජෝන් ලුවිස් ක්‍රියාකර තිබේ. එම ස්මාරකය ගලින් නිම වූ එකකි. ශිල්පීන් ශිලාමය ස්ථම්භය තනා ඇත්තේ බෝමුරේ හා ගල්ලැහැවත්ත මැදින් ගලා බස්නා ඔයේ ඉහළ කොටසේ ස්ථානයකදීය. ඇතෙක් ස්ථම්භය රජතුමා අල්ලාගත් ස්ථානයට රැගෙනවිත් තිබේ. ඉතා පරෙස්සමෙන් ස්ථම්භය රැගෙන ඒමට ඇත්ගොව්වෝ ක්‍රියා කර තිබේ.
ස්ථම්භය ස්ථාපනය කර තිබෙන්නේ 1908 දෙසැම්බර් මාසයේය. ඒ බව ස්ථම්භයේ කොටා ඇත්තේ A.D. ERECTED 1908 යනුවෙනි.
ස්මාරකය ඇති ස්ථානය එකළ අයත්ව තිබී ඇත්තේ උඩදුම්බර ඌරුගල මැදිසියපත්තුවේ බෝමුරේටය එහෙත් වර්තමානයේදී මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ මැදමහනුවර බෝමුරේට එය අයත්ය. එකළ එක් පළාතකට පවසා තිබෙන්නේ ඌරුගල යන්නය. එහෙත් දැනට වසර 40 ක පමණ පෙරදී ඌරුගල යනුවෙන් පැවසූ පෙදෙසට මැද මහනුවර යන නම භාවිත කරන්නට පටන්ගෙන තිබේ.
බෝමුරේ උඩුපිටිය පෙදෙසේ පදිංචි යූ.ජී. තිලකරත්න (53) මහතා සීමාසහිත තෙල්දෙණිය විවිධ සේවා සමුපකාර සමිතියේ වසර 24 ක් පුරා ක්ෂේත්‍ර නිලධාරිවරයෙක් ලෙස සේවය කරන්නෙකි. ඔහු පැවසුවේ මෙවන් දෙයකි. මගේ සීයලා අත්තම්මලා හිග්ගහපිටියේ ගෙදර පරපුරේ අයයි. මගේ සීයා මට කිව්ව දෙයක් තියෙනවා. අපේ ගෙදරට යාබදින් තියෙන ඔයේ ඉහළ තැනකදී ස්මාරකය හැදූ බවත් ස්මාරකයට අවශ්‍ය ගල ඔයේ තිබුණ විශාල ගලකින් කපලා ගත්ත බවත් කියලා තියෙනවා.
ඔය ගල කපලා ගත්ත තැනට ඒ කාලේ ඉඳන්ම කියන්නේ ගල කපපු තැන කියලයි. ස්මාරකයට අවශ්‍ය ගල එතනින් ගත්ත හින්දයි ඒ තැනට ගල කපපු තැන කියලා කියන්නේ.
වසර 5 ක කාලයක සිට ස්මාරකය ආරක්ෂා කිරීමේ කාර්යය කරන්නේ බෝමුරේ පදිංචි ඊ.එම්. ලොකුබණ්ඩා (52) මහතාය. ඔහු කියන්නේ මෙවන් කථාවක්. ස්මාරකයට ඉස්සරහින් තියෙන ඇළට කියන්නේ උඩුපිටියේ ඇළ කියලයි. ඉස්සර ඉඳන්ම ඒ ඇළට කියලා තියෙන්නේ ඒ නමයි. මේ ඇළ මාර්ගය දිගේ රජතුමා මෙතනට ආවා කියලයි අහල තියෙන්නේ.
සටහන හා ඡායාරූප
හුන්නස්ගිරියේ පාලිත මඩුගල්ලේ
Article by – Sunday Lankadeepa
![]() Entrance |
![]() Reached |
![]() Bomure Tomb |
![]() Here is it |
![]() Our Heritage |
![]() Something Special |
![]() History |
Present view of Wewathanna Campsite
Here are some photos of the current view and facilities of Wewathanna. When we went on Feb 2017, it was a lesser-known place. There was no facility or even many locals don’t knew this place. But nowadays this place becomes a very popular destination among the travelers and a legal camping site maintained by the provincial council. These photos were sent by one of our friend called Rovin Shanila about his journey in June 2019.
![]() . |
![]() . |
![]() . |
![]() . |
![]() . |
![]() . |
![]() . |
![]() . |
![]() . |
![]() . |
![]() . |
![]() . |
![]() . |
![]() . |
![]() . |
![]() . |
![]() . |
![]() . |
![]() . |
![]() . |
![]() . |
![]() . |
![]() . |
![]() . |
Thank you for reading !